27 April 2024
#දේශීය

පවුලක් සින්නක්කරව ලියාගෙන කොල්ලකෑ රට ගොඩ ගැනීමේ වගකීම අපට තිබෙනවා- විපක්ෂ නායක සජිත්

සින්නක්කරව එක පවුලක් රට ලියාගෙන මුලු රටම කොල්ල කෑ බවත්  වසර දෙකක් රටම අනුගමනය කළේ රාජපක්ෂවාදය සහ පවුල් වාදය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුව් අලුත් නූතනවාතනවාදී ලංකාවක් බිහි කිරීම අරමුණු කරගෙන ප්‍රතිසංස්කරණ සදහා ජනතා ව්‍යාපාරය කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති අවස්ථාවේදිය.

ප්‍රතිසංස්කරණ සදහා ජනතා ව්‍යාපාරය විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවලින් සාතිශය බහුතරයකට සමගි ජන බලවේගයත් සමඟි ජන සන්ධානයත් එකඟ බව පැවසූ විපක්ෂනායකවරයා මේ කතිකාවත පුළුල්ව දියත් කිරීම උදෙසා විපක්ෂ නායක කාර්යාල පරිශ්‍රයෙහි “මහලේකම් කාර්යාලයක් ගොඩනැගීමටත් මීට අවශ්‍ය සම්පත් පහසුකම් ලබා දීමටත් එකඟ විය.

සම්මුතිවාදය තුළින් රට ගොඩනැගිය යුතු බව කී හෙතෙම එයින් මෙහා රට ගොඩනැගීමට මගක් නැතැයිද කීය.

අද පවත්නා ආර්ථික කඩා වැඩීමට දේශපාලන හේතු බලපා ඇති බවත් රට ගොඩනැගීම උදෙසා බලවත් ශක්තිමත් ප්‍රතිසංස්කරණයක් සිදුවිය යුතු බවත් ජාතිවාදය වගවාදය, අන්තවාදය, කුලවාදය, ආගම්වාදය බැහැර කළයුතු බවත් ප්‍රගතිශීලී ප්‍රබුද්ධ ගමනක් ආරම්භ කළයුතු බවත් ඔහු පැවසීය.

ප්‍රතිගාමී අදහස් වලින් බැහැරව ප්‍රබුද්ධ අදහස් වලින් සන්නද්ධව කටයුතු කළ යුතු අතර අද මෙරට මේ තරම් අගාධයකට වැටුණේ ඒකාධිපතිවාදය නිසා බව ප්‍රේමදාස මහතා කියා සිටියේය.

ආණ්ඩුව විසින් වසර දෙක හමාරක් තිස්සේ රටේ දියත් කරනු ලැබූ අසාර්ථක පාලනය හේතුවෙන් 225ම එපා යනුවෙන් මතවාදයක් නිර්මාණය වී ඇති බව පැවසූ විපක්ෂනායකවරයා ,එහෙත් එය සම්පූර්ණයෙන්ම සත්‍ය නොවන බව ද පැවසීය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *