27 April 2024
#දේශීය

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රිෂාඩ් සහ රියාජ් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයා වන රියාජ් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මාධ්‍ය වෙත පවසා සිටියේ පාස්කු ප්‍රහාරයේ ස්වයං ඝාතකයන්ට ආධාර අනුබල දීම හා සබඳතා පැවැත්වීමේ චෝදනා මත ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.

අද අලුයම 02 ක ට පමණ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

 

මේ අතර රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සමාජ ජාලය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් පවසා සිටියේ තමන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නොපෙන්වූ බවයි.

එමෙන්ම මන්ත‍්‍රීවරයෙක් වන තමන් අත්අඩංගුවට ගැනීම ගැන කතානායකවරයාද නොදැනුවත් බවත් කුමන චෝදනාවකට අත්අඩංගුවට ගන්නේදැයි නොදන්නා බවත් ඔහු කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *