27 April 2024
#දේශීය

රිෂාඩ්ට 27 වනදා CID පෙනී සිටින්නැයි නියෝග

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලබන 27 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබේ.

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කර ගෙන යන විමර්ශනයන්ට අදාළ ව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා යි.

හිටපු අමාත්‍යවරයාට එම දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස මීට පෙර අවස්ථා දෙකකදී දැනුම්දීම් කර තිබු අතර එම අවස්ථා දෙකේදීම ඔහු පැමිණ නොතිබිණි.

ඒ පිළිබඳ ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව ඔහුට එරෙහිව නොතීසි නිකුත් කර ඇත්තේ එසේ කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *