27 April 2024
#දේශීය

පුරාවස්තු කැණීම් කල තිදෙනෙක් අත්අඩංගුවට

ගල්කිරියාගම, ආඩියාගල ප්‍රදේශයේ ඊයේ (21) පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණිම් සිදු කල සැකකරුවන් දෙදෙනෙකු හා කාන්තාවක් ගල්කිරියාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරිය ගලේවෙල ප්‍ර දේශයේ පදිංචිකරුවන් වේ. සැකකරුවන් ඊයේ කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිසිය වැඩිදුර විමර්ශනය සිදු කරනු ලබයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *