27 April 2024
#විදෙස්

බ්‍රිතාන්‍ය නව අගමැති ධුරයට රිෂි සුනක්

හිටපු අගමැති ලිස් ට්‍රස්ට් මහත්මිය ධුරයෙන් ඉවත්වීමෙන් පසු පාලක කොන්සවේටිව් පක්ෂ නායකත්ව තරඟයෙන් ජය ලැබු රිෂි සුනක් අද දිනයේදී බිත්‍රාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතයි.

රට මුහුණ දෙන බරපතළ ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා ස්ථාවරත්වය සහ එකමුතුකම අවශ්‍ය බව බිත්‍රාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට තේරි පත් වු රිෂි සුනක් පැවසු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නව රජය පිහිටුවිම සඳහා බිතාන්‍ය රජු විසින් රිෂි සුනක්ට ආරාධනා කිරීමට නියමිත අතර අද පස්වරුවේ බිත්‍රාන්‍ය නව අග්‍රාමාත්‍යවරයා ඇමතිමට ඇමරිකානු ජනාධිපතිවරයා අපෙක්ෂා කරන බව ධවල මන්දිරය නිවේදනය කර තිබේ.

මේ අතර නව අග්‍රාමාත්‍යවරයා වෙත සිය සුබ පැතුම් එක් කරමින් ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සඳහන් කර ඇත්තේ ගෝලීය ගැටලු සම්බන්ධයෙන් සමීපව කටයුතු කිරීමටත්, සිය ඓතිහාසික සබඳතා නවීන හවුල්කාරිත්වයක් බවට පරිවර්තනය කිරිමටත් සූදානම් බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *