• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නව කොවිඩ් ප්‍රභේද පැතිරීමේ අවදානමක්…4 වැනි එන්නත ගන්න – විශේෂඥ වෛද්‍ය අසේල

5 July 2022
in දේශීය

නව ප්‍රභේද සමග නැවත වතාවක් කොවිඩ් රෝගය මතු වීමේ අවදානමක් දැන් උද්ගතව ඇති බැවින් ඉන් මිදීමේ හොඳම ක්‍රමය එන්නත් මාත්‍රා 4ම ලබා ගැනීම බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ “කොවිඩ් උවදුර ඉවර නෑ: 4 වැනි එන්නත ගනිමු” මැයෙන් අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධාන කළ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

ගුණවර්ධණ මහතා කියා සිටියේ පළමු එන්නත ලබා ගත් පසුව 4 වන එන්නත ලබා ගන්නා ලෙස අප මීට පෙරත් ඉල්ලීමක් කල නමුත් ඒ වන විටත් අවුරුදු 20 ට වැඩි පුද්ගලයින් සියයට 97ක් හා සියයට 100ක් අතර සංඛ්‍යාවක් ප්‍රාථමික එන්නත් ලබා ගෙන තිබු බවයි.

පළමු එන්නත ලබා ගෙන තිබුණේ මිලියන 7.9ක පිරිසක් පමණි. 4 වැනි එන්නත ලබා ගන්නා ලෙස ජනතාවට ආයාචනා කළා. මේ වන විට කොවිඩ් නව ප්‍රභේද මතුවීමත් සමග ඇති වන අවදානමෙන් මිදෙන්න 4 වන එන්නත අවුරුදු 20ට වැඩි සියලුම දෙනා ලබා ගත යුතුයි” අසේල ගුණවර්ධන මහතා අවධාරණය කළේය.

එන්නත් 4 ම ගැනීමෙන් කොවිඩ් රෝගයට ගොදුරු වීමේ අවදානම අඩු වීම, රෝගය වැළඳුන ද දරුණු රෝග තත්ත්වයට පැමිණීමේ හා මරණයට පත්වීමේ අවදානම අඩු බව විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

අවුරුදු 60 ට වැඩි සියලුම දෙනාත් විදේශගත වීමට බලාපොරොත්තු වන සියලු දෙනාමත් මෙම එන්නත අනිවාර්යයෙන්ම ලබා ගත යුතු බව ද වෛද්‍යවරයා මෙහිදී පැවසිය.

මෙම එන්නත් රජයේ සියලුම රෝහල්වලින්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලින් හා නම් කරන ලද එන්නත් මධ්‍යස්ථාන වලින් ලබා ගැනීමේ හැකියාව ඇත. අද රටේ පවතින තත්ත්වය මත එන්නත් ලබා ගැනීමේ දවස් සීමා කිරීම හෝ නම් කරන ලද දින වල පමණක් ලබා දීම සිදු කළ හැකි බවත් ඒ ආයතන වලින් විමසා එන්නත් ගැනීමට කටයුතු කළ යුතු බවත් අසේල ගුණවර්ධන මහතා පැවසීය.

 

Post Views: 13
Previous Post

අනුරට නොබෙල් තෑග්ග ගන්න පුළුවන් වෙයි.. අගමැතිකම දෙන්නම් – අගමැති රනිල්

Next Post

නිමල්ව ඇමැති ධුරයෙන් තාවකාලික ඉවත් කෙරේ .. ගනුදෙනු සම්බන්ද පරික්ෂණයක් – ජනපති

editor

editor

Next Post

නිමල්ව ඇමැති ධුරයෙන් තාවකාලික ඉවත් කෙරේ .. ගනුදෙනු සම්බන්ද පරික්ෂණයක් - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved