27 April 2024
#දේශීය

පාසල් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වගකීමෙන් කටයුතු කල යුතුයි – ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප්

පාසල් සම්පූර්ණයෙන් විවෘත කිරීම සඳහා සෞඛ්‍ය අංශ උපදෙස් දී ඇති නිසා ඒ ගැන කිසිවක් ප්‍රකාශ කිරීමට නොහැකි නමුත් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අධ්‍යාපන බලධාරීන් මීට වැඩ වගකීම් සහිත විය යුතුව ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පවසයි.

ඒ් මහතා මේ බව පැවසුවේ අද (10) දින පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

තවදුරටත් කවිඩ් 19 සමාජය තුළ පවතින අතර ඔමික්‍රෝන් ප්‍රභේදයද පැතිරෙමින් තිබෙන නිසා දරුවන්ගේ ආරක්ෂාව පාසල තුළදී මෙන්ම ප්‍රවාහනයේදී ද සහතික විය යුතු බවයි ඔහු පැහැදිලි කළේ.

විශේෂයෙන් දුම්රියෙන්,බසයෙන් සහ වෙනත් ප්‍රවාහන සේවා මඟින් දරුවන් පාසල් පැමිණෙන හෙයින් අවදානමක් පවතින බව ස්ටාලින් මහතා කියා සිටියේය.

අඩුම තරමේ ප්‍රමිතියෙන් යුතු මුව ආවරණයක් හෝ දරුවන්ට ලබා දීමට රජය මැදිහත්විය යුතු වුවත් ඒවා කතා වලට පමණක් සීමා වී ඇති බවයි ඔහු පැවසුවේ.

ගුරුවරුන්ද අවදානම දරාගෙන වැඩකරමින් සිටින බවත් හෙතෙම කියා සිටියා.

මේ අතර දරුවන්ට එන්නත් දීමේදී එම වැඩපිළිවෙල මීට පෙරදීම තදබදයකින් තොරව සිදුකිරීමට හැකියාව තිබුණු නමුත් එය එසේ නොවන බවයි ස්ටාලින් මහතා සඳහන් කළේ.

සෑම දෙමව්පියෙක්ම එන්නත දීමට කැමති නැති නිසා පාසල් විවෘත කිරීමට පෙර මෙම කටයුත්තක සිදුකිරීමට හැකියාව තිබූ බවද ඔහු පැවසුවා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *