• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නයිනමඩම ඉරණවිල හරහා හලාවත දක්වා බී 640 මාර්ගය සංවර්ධනය කෙරේ

15 September 2021
in සංවර්ධන

කොළඹ පුත්තලම ප්‍රධාන මාර්ගයේ වෙන්නප්පුව, මාරවිල, මහවැව, මාදම්පෙ, හලාවත නගරයන්හි පවතින රථවාහන තදබදයට විසදුමක් ලෙස වෙරළබඩ සීමාවට සමාන්තරව දිවෙන නයිනමඩම ඉරණවිල හරහා හලාවත දක්වා වන බී 640 මාර්ගයේ සංවර්ධන කටයුතු කඩිනම් කර ඇති බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

කිලෝ මීටර් 32 ක දුරකින් සමන්විත මෙම මාර්ගය මං තීරු දෙකක් යටතේ පුළුල් කරමින් තිබෙන අතර දැනටමත් කිලෝ මීටර් 18 ක වැඩ අවසන් කර තිබේ.

මෙම මාර්ගයේ බරුදැල්පොල ප්‍රදේශයේ මීටර් 100 ක දිගකින් යුක්ත පාලමක් සම්පූර්ණයෙන් වැඩ අවසන් කොට තිබේ. එමෙන්ම තොඩුවාව ප්‍රදේශයේ මීටර් 80 දිග පාලමක් සම්පුර්ණයෙන් ප්‍රතිසංස්කරණය කර තිබේ.

රථ වාහන තදබදය විසදීමට අමතරව සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට හා ප්‍රදේශයේ ධීවර කර්මාන්තයේ දියුණුවට ද මෙම මාර්ගයේ සංවර්ධන කටයුතු කඩිනමින් අවසන් කිරීම වඩාත් ඉවහල් වනු ඇත. සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා එම ප්‍රදේශයේ ආකර්ෂණය වැඩිදියුණු කිරීම පිණිස මග දෙපස වෙරළබඩ ප්‍රදේශයට ආවේණික වූ ශාක වර්ග සිටුවීමට සැලසුම් කර තිබේ.

Post Views: 5
Previous Post

නව මහ බැංකු අධිපතිට පත්වීම් ලිපිය ජනපති අතින්

Next Post

චීන කොමියුනිස්ට් පක්ෂයෙන් පොදුජන පෙරමුණට කොරෝනා මර්ධන වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

editor

editor

Next Post

චීන කොමියුනිස්ට් පක්ෂයෙන් පොදුජන පෙරමුණට කොරෝනා මර්ධන වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved