අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාර්ග වාහන ගමනාගමනය සඳහා තාවකාලිකව වසා දමා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) පවසයි.
ආරක්ෂක හේතූන් මත කොළඹ – මහනුවර මාර්ගයේ කඩුගන්නාව කොටස අද (03) පස්වරුවේ සිට සම්පූර්ණයෙන්ම වාහන ගමනාගමනය සඳහා අත්හිටුවා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු අනුරාධ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අයහපත් කාලගුණය හේතුවෙන් තාවකාලිකව වසා දමා ඇති ප්‍රධාන මාර්ග ලැයිස්තුව පහත පරිදි වේ.
කොළඹ – නුවර මාර්ගයේ කිලෝමීටර් 95 සහ 99 අතර කඩුගන්නාව ප්‍රදේශය
අවිස්සාවේල්ල – හැටන් – නුවරඑළිය මාර්ගයේ කිලෝමීටර් 66 ප්‍රදේශය
නාවලපිටිය – ගිනිගත්හේන 4/2 බෝක්කුව ප්‍රදේශය
අවිස්සාවේල්ල – හැටන් – නුවරඑළිය මාර්ගයේ කිලෝමීටර් 32 ප්‍රදේශය
දඬගල – පාලම්පිටිය – දොලොස්බාගය මාර්ගයේ කිලෝමීටර් 6 ප්‍රදේශය
මාවනැල්ල – හෙම්මාතගම – ගම්පොළ මාර්ගයේ කිලෝමීටර් 19 සිට 21 දක්වා ප්‍රදේශය
යටියන්තොට – පූනගල මීනගල ප්‍රදේශයේ කිලෝමීටර් 21 ප්‍රදේශය
දේදුගල – තලම්පිටිය – දොලොස්බාගේ මාර්ගයේ කිලෝමීටර් 6 ප්‍රදේශය















