ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රහාර අත්හිටුවීමට හේතුව ලෙස සඳහන් කළ සාකච්ඡා කිසිවක් මේ වන විට සිදුවෙමින් නොපවතින බවත්, එවැන්නක් සඳහා කිසිදු සැලසුමක් නොමැති බවත් ඉරානය පවසයි.
ප්‍රහාර මාලාවක් අවලංගු කිරීම සඳහා ට්‍රම්ප් මහතා ඉදිරිපත් කළ සාකච්ඡා පිළිබඳ තර්කය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමින් ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ඉස්මයිල් බගායි කියාසිටියේ, කිසිදු රාජ්‍ය තාන්ත්‍රික හමුවක් හෝ සාකච්ඡාවක් සැලසුම් කර නොමැති බවයි. ඇමරිකාව සමඟ පවතින මෙම මතභේදය හේතුවෙන් ගෝලීය තෙල් මිලෙහි උච්චාවචනයන් වාර්තා වන අතර, ට්‍රම්ප්ගේ නවතම ප්‍රහාර අත්හිටුවීමේ තීරණයත් සමඟ බ්‍රෙන්ට් බොරතෙල් මිල 4% කට වඩා පහළ වැටී තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්















