පොළොන්නරුව වැලිකන්ද සෙවන පිටිය නගරයේ සිට මැදගම දක්වා දිවෙන Z-D ඇළ මාර්ගයේ, ගිනිදමන දක්වා වූ කිලෝමීටර් 3ක කොටස කාපට් අතුරා සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.
මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 530ක වියදමක් දරන අතර, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය මගින් සපයනු ලබයි. වසර ගණනාවක් අබලන්ව පැවති මෙම මාර්ගය සංවර්ධනය කිරීම ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් සිදු කරනු ලබන අතර, මෙමගින් ප්‍රදේශයේ පවුල් දහස් ගණනකට සෙත සැලසෙනු ඇත.
මෙම සංවර්ධන කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
















