• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රුපියල් මිලියන 61 ක මාර්ග සංවර්ධන කටයුතු ආරම්භ කෙරේ

25 August 2020
in සංවර්ධන

කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ ගම්පහ, වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ රුපියල් මිලයන 61 ක මාර්ග සංවර්ධන ව්‍යාපෘති දෙකක් ඊයේ (24) දින පස්වරුවේ ආරම්භ කරනු ලැබීය.

ඒ අනුව හැදල – මරදාන පාර සහ ඇලකන්ද – බලගලවත්ත වටා පාර කාපට් අතුරා සංවර්ධනය කිරීම මෙලෙස ආරම්භ කෙරිණි.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම මාර්ග සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කෙරිණි.

ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ(i-roads) බස්නාහිර පළාත තුළ කිලෝ මීටර් 7,000 ක් සංවර්ධන කටයුතු ආරම්භ කර තිබෙන අතර කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ කිලෝ මීටර් 6,500 ක් සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.

ග්‍රාමීය මාර්ග සංවර්ධනය තුළින් ග්‍රාමීය ජනතාවට ගමේ සිටම ආර්ථික ක්‍රියාවලියට දායක වීම සදහා අවශ්‍ය පහසුකම් සැලසීම රජයේ අරමුණ වන අතර ප්‍රධාන මාර්ග වලට සම්බන්ධ වන සියළුම ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමට කටයුතු කරන බව නිමල් ලාන්සා මහතා පැවසීය.

කොළඹ වාණිජ නගරයට ඉතා ආසන්නතම නගරයක් ලෙස වත්තල නගරය පරිසර හිතකාමී ලෙස දැවැන්ත සංවර්ධනයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් මාර්ග සංවර්ධනය පමණක් නොව ඇල මාර්ග, ගං වතුර පාලනය, මතුපිට කාණු පද්ධති ඇතුළු අනෙකුත් යටිතල පහසුකම් දියුණු කිරීම තුළින් වත්තලට අනන්‍ය වූ සංවර්ධනයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ලාන්සා මහතා පවසා සිටියේය.

මෙම අවස්ථාවට වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපති ත්‍යාගරත්න අල්විස් මහතා, බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී රන්දීර් රොද්‍රිගු මහතා, ප්‍රාදේශීය දේශපාලඥයින්, මාර්ග සංවර්ධන අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධාන ඉංජිනේරුතුමිය ඇතුළු නිලධාරින් රැසක් සහභාගි වී සිටියහ.

 

 

Post Views: 7
Previous Post

19 සංශෝධනය නෙමෙයි ප්‍රමුඛම කාර්ය රට ගොඩනැඟීමයි – තිස්ස අත්තනායක

Next Post

වැඩි කෘෂි අස්වැන්නකට ජනපතිගෙන් යෝජනා

editor

editor

Next Post

වැඩි කෘෂි අස්වැන්නකට ජනපතිගෙන් යෝජනා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved