ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් රෝහණ බණ්ඩාර මහතා අවධාරණය කළේ, මෙවර කම්කරු දින සැමරුම පෝය දිනකට සමගාමීව යෙදීම හේතුවෙන් ඉතා සංවරව සහ අභිමානවත් ලෙස සිදුකරන බවයි. දේශපාලන රැළි සඳහා සහභාගී වන ජනතාව කිසිදු බලකිරීමකින් තොරව, ස්වේච්ඡාවෙන්ම බස් රථවලින් පැමිණීම විශේෂත්වයක් බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.
කම්කරු දිනය යනු හුදෙක් උත්සවයක් පමණක් නොව, එය වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සහ ශ්‍රමය අගය කරන දිනයක් බව සිහිපත් කළ රෝහණ බණ්ඩාර මහතා, මෙවර ජනතාවගේ සහභාගීත්වය තුළින් පක්ෂය කෙරෙහි පවතින ජනතා විශ්වාසය මනාව පෙන්නුම් කෙරෙන බව ද සඳහන් කළේය. සංවරශීලී ලෙස මැයි දින රැළි පැවැත්වීම තුළින් සැබෑ කම්කරු පන්තියේ පරමාදර්ශී ගතිලක්ෂණ ලෝකයට පෙන්නුම් කළ හැකි බව ද ඒ මහතා වැඩිදුරටත් අදහස් දැක්වීය.














