27 April 2024
#දේශීය

රොෂාන් රණසිංහ රාජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

පළාත් සභා, පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් නායකත්වයෙන් රොෂාන් රණසිංහ මහතා මැයි පලවෙනි සිට ඉල්ලා අස් වී තිබේ.

එය මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ සිය දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට ලබාදුන් පොරොන්දු සපුරාලීමට රජය අපොහොසත් වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

ජනාධිපතිවරයා වෙත පිටු 07කින් යුත් දීර්ඝ ලිපියක් යොමු කරමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ සිය ගැටලු ජනාධිපතිවරයාට සෘජුව ඉදිරිපත් කිරීමට පවා තමන්ට අවස්ථාවක් ලබා ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් තමන් දැඩි කම්පාවට පත්ව ඇති බවයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *