27 April 2024
#දේශීය

යටින් මඩ ගැසිලි මගේ නෑ මං කෙලින් කියන කෙනෙක් – මන්ත්‍රී පාඨලි

කිසිම කෙනෙක්ට යටින් මඩ ගහන වැඩ නොකරන බවත් විවේචනයක් ඇතිනම් කෙලින් ප්‍රකාශක කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

පාඨලී චම්පික රණවක විසින් සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ධුරයෙන් ඉවත් කර රනිල් වික්‍රමසිංහ මහතාට එය ලබාදීමේ ක්‍රමන්ත්‍රණයක් සමගි ජනබලවේගය තුළ ක්‍රියාත්මක වූ බවට ජාතික පුවත්පතක් සහ සමාජ මාධ්‍ය හරහා වාර්තා වී තිබුණි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අද (09) කොළම පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාඨලි චම්පික මන්ත්‍රීවරයා පවසා සිටියේ සමගි ජනබලවේගයේ අනාගතය සජිත් ප්‍රේමදාස මහතාගේ හැසිරීම සහ තවත් කාරණා මත තීරණය වනු ඇති බවයි. එසේම සජිත් ප්‍රේමදාසව විපක්ෂ නායක අසුන ලබා දීමට මුලික ලිපිය පවා අත්සන් කලේ තමා බව හෙතෙම පැවසිය.

පාඨලි මන්ත්‍රීවරයා මෙහිදී පවසා සිටියේ තමා සිහින දකින්නේ මේ රටේ පවුල් වාදයට උරුම වෙලා තිබෙන දේශපාලනය මේ රටේ නිපුණතාවය මත හැකියාව තියෙන පරම්පරාවට උරුම කර ගැනීම සඳහා බවයි.

රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇවිල්ලා මේ රටේ පරම්පරික ප්‍රභූ පන්තියේ නෂ්ටාවශේෂයක් බවත් ඒ ප්‍රභූ පන්තියට විරුද්ධව තමා අප මේ කටයුතු කරන්නේ බව ඔහු පවසා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *