ශ්‍රී ලංකාවේ සුපිරි හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග පතිරගේ, 2026 වසරේ ලොව විශිෂ්ටම මලල ක්‍රීඩකයා (Men’s World Athlete of the Year) සම්මානය සඳහා නිර්දේශ වී තිබේ.
ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ දැක්වූ විශිෂ්ට දක්ෂතා හේතුවෙන් ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් ප්‍රකාශයට පත් කළ පිරිමි අංශයේ නාමයෝජනා 10 දෙනා අතරට රුමේෂ් තරංග ද ඇතුළත් කර ඇත.
මෙවර ලෝක මලල ක්‍රීඩා සම්මාන උළෙල නොවැම්බර් 29 වැනිදා මොනාකෝහිදී පැවැත්වීමට නියමිත අතර, එහිදී 2026 වසරේ ලොව විශිෂ්ටම මලල ක්‍රීඩකයා තෝරා ගැනීමට නියමිතය.
රුමේෂ් තරංග මෙලෙස ලොව ප්‍රමුඛ පෙළේ මලල ක්‍රීඩකයන් අතරට නිර්දේශ වීම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ක්ෂේත්‍රයටද සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකේ.














