රුසියානු හමුදා මෙම වසරේ මුල් මාස කිහිපය තුළ පමණක් යුක්‍රේන භූමියෙන් වර්ග කිලෝමීටර් 1,700ක (වර්ග සැතපුම් 656ක) ප්‍රදේශයක් සිය පාලනයට නතු කරගෙන ඇති බව රුසියානු හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් වැලරි ගෙරසිමොව් (Valery Gerasimov) ප්‍රකාශ කර තිබේ
රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද වීඩියෝවක ජෙනරාල් ගෙරසිමොව් සඳහන් කරන්නේ වසර ආරම්භයේ සිට මේ දක්වා ජනාවාස 80ක් රුසියානු පාලනයට නතු වී ඇති බවයි. විශේෂයෙන්ම දොන්බාස් (Donbas) කලාපයේ යුක්‍රේන බලකොටු සහිත නගර පෙළක් ඉලක්ක කර ගනිමින් රුසියානු හමුදා ඉදිරියට ඇදෙමින් පවතින බව ඔහු වැඩිදුරටත් කියා සිටියි.
යුක්‍රේන හමුදා ද ඇතැම් ප්‍රදේශවල සාර්ථකත්වයන් වාර්තා කර ඇති අතර, මාර්තු මාසය තුළදී වර්ග කිලෝමීටර් 50ක පමණ භූමි ප්‍රමාණයක් නැවත සිය පාලනයට ගැනීමට හැකි වූ බව යුක්‍රේන සේනාධිනායක ඔලෙක්සැන්ඩර් සිරස්කි (Oleksandr Syrskyi) පවසයි. කෙසේ වෙතත්, දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ සිදුවන දරුණුතම යුද්ධය ලෙස සැලකෙන මෙම ගැටුමේදී රුසියාව දොන්බාස්, සුමි (Sumy) සහ කාර්කිව් (Kharkiv) යන ප්‍රදේශ ඔස්සේ සිය මෙහෙයුම් දැඩි කර තිබේ.
යුධ පිටියේ වාර්තා ස්වාධීනව තහවුරු කර ගැනීම අපහසු වුවද, රුසියාව සිය යුද බලය උපයෝගී කර ගනිමින් යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශවල සැලකිය යුතු බලයක් ගොඩනඟමින් සිටින බව විදේශීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.














