රුසියාව විසින් එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් යුක්‍රේනයේ අගනුවර වන කියිව් නගරයේ සහ ඒ අවට ප්‍රදේශවල නිවාස 100,000කට ආසන්න ප්‍රමාණයක අන්තර්ජාල සේවා අඩාල වී ඇති බව යුක්‍රේන ඩිජිටල් අමාත්‍යාංශය පවසයි. උදෑසන සිට දහවල් වන තෙක් පැය කිහිපයක් පුරා ක්‍රියාත්මක වූ මෙම ප්‍රහාරවලින් සිදුවූ හානි තක්සේරු කර අලුත්වැඩියා කටයුතු සිදු කිරීමට විශේෂඥයන් කටයුතු කරමින් සිටින බව ටෙලිග්‍රාම් පණිවුඩයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේය.
මේ අතර යුක්‍රේන හමුදාවේ ප්‍රයෝජනය සඳහා යොදාගත් දත්ත මධ්‍යස්ථාන සහ සැපයුම් ගබඩා කිහිපයක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කර ඇත. කියිව් නගරයේ දත්ත මධ්‍යස්ථාන දෙකකට සහ ඔඩෙසා හි සැපයුම් මධ්‍යස්ථාන දෙකකට ප්‍රහාර එල්ල වූ බව ඔවුන් හඳුනාගෙන තිබේ. ප්‍රහාර හමුවේ අදහස් දක්වමින් යුක්‍රේන විදේශ අමාත්‍ය ඇන්ඩ්‍රි සියිබියා ප්‍රකාශ කළේ දත්ත මධ්‍යස්ථාන ඉලක්ක කර රුසියාව එල්ල කළ මෙම ප්‍රහාර ජන ජීවිත අවදානමට ලක් කර ඇති බවයි.
















