යුක්රේනයේ ප්‍රධානතම කළු මුහුදු වරාය නගරයක් වන අදෙසා (Odesa) වෙත රුසියානු හමුදා විසින් ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. මෙම ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා ඇති අතර, නේවාසික ගොඩනැගිලි, ළදරු පාසලක් සහ වෙළඳ සංකීර්ණයක් ඇතුළු සිවිල් යටිතල පහසුකම් රැසකට දැඩි හානි සිදු විය.
ප්‍රයිමෝර්ස්කි (Prymorskyi) දිස්ත්‍රික්කයට ප්‍රහාරවලින් දරුණුතම හානි සිදුවී ඇති අතර, බහු මහල් ගොඩනැගිලිවල ඉහළ මහල්වල සහ වහලවල හටගත් ගින්න පාලනය කිරීමට හදිසි සේවා නිලධාරීන් කටයුතු කර ඇත. තුවාල ලැබූවන් අතර 17 හැවිරිදි තරුණයෙකු ද වන අතර, දෙදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
යුක්රේන ගුවන් හමුදාව වාර්තා කරන පරිදි, මෙම ප්‍රහාරය සඳහා ඩ්‍රෝන යානා විශාල ප්‍රමාණයක් යොදාගෙන තිබූ අතර, ඉන් වැඩි ප්‍රමාණයක් අහසේදී විනාශ කිරීමට පියවර ගෙන තිබිණි. කෙසේ නමුත් ඩ්‍රෝන සහ මිසයිල කිහිපයක් ඉලක්ක වෙත ළඟා වීමෙන් මෙම ජීවිත හානි හා දේපල හානි වාර්තා විය.














