පසුගියදා රුසියාව විසින් කිව් (Kyiv) කලාපය ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාර මාලාවේදී එරට පතොරම් සහ යුද උපකරණ ගබඩාවකට (Ammunition warehouse) දැඩි හානි සිදු වී ඇති බව යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි (Volodymyr Zelenskiy) බ්‍රහස්පතින්දා (09) ප්‍රකාශ කළේය. කිව් නුවර බටහිර තදාසන්න ප්‍රදේශයක් වන විෂ්නෙවේ (Vyshneve) කුඩා නගරයේ පිහිටි මෙම ගබඩාවට පසුගිය ජූලි 6 වනදා එල්ල වූ ප්‍රහාරයත් සමඟ එහි විශාල ද්විතීයික පිපිරීම් මාලාවක් (Secondary explosions) හටගෙන තිබේ. මෙම ව්‍යසනයෙන් සිවිල් වැසියන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, නිවාස සිය ගණනකට හානි සිදුවී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණයක් (Criminal probe) ආරම්භ කර ඇති බව යුක්රේන බලධාරීහු පවසති.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















