රුසියානු යුද්ධය ආරම්භ වූ දා සිට ගතවූ වසර හතරක කාලය තුළ එල්ල කරන ලද විශාලතම ගුවන් ප්‍රහාරය පසුගිය දින දෙක පුරා එල්ල කළ බව යුක්රේන බලධාරීන් පවසයි. අගනුවර වන කියෙව් (Kyiv) ඇතුළු නගර රැසකට එල්ල වූ මෙම ප්‍රහාරවලින් සැලකිය යුතු යටිතල පහසුකම් ප්‍රමාණයකට හානි සිදුව තිබේ.
පසුගිය බදාදා සිට මේ දක්වා රුසියාව විසින් ඩ්‍රෝන යානා 1,567ක් දියත් කර ඇති බව යුක්රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි සඳහන් කළේය. මෙම ප්‍රහාරවලින් ළමයින් තිදෙනෙකු ඇතුළුව අවම වශයෙන් සිවිල් වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. යුද්ධය අවසන් වෙමින් පවතින බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රකාශ කර තිබුණද, මෙම දැවැන්ත ප්‍රහාර මාලාව එවැනි සූදානමක් පෙන්නුම් නොකරන බව සෙලෙන්ස්කි අවධාරණය කරයි.
රාත්‍රිය පුරා පමණක් ප්‍රහාරක ඩ්‍රෝන යානා 670කට වැඩි ප්‍රමාණයක් සහ මිසයිල 56ක් රුසියාව විසින් දියත් කර ඇති අතර කියෙව් නගරය මෙහි ප්‍රධාන ඉලක්කය වී තිබුණි. කියෙව් නගරාධිපති විටාලි ක්ලිට්ස්කෝ විසින් සිකුරාදා දිනය ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. අඛණ්ඩව බටහිර සහය සහ ගුවන් ආරක්ෂක පද්ධති ලබා දෙන ලෙසත්, රුසියාවට මෙම යුද්ධය නතර කරන ලෙස බලපෑම් කරන ලෙසත් යුක්රේන විදේශ අමාත්‍යවරයා අමෙරිකාවෙන් සහ චීනයෙන් ඉල්ලා සිටියි.














