AI ඒජන්තවරුන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා නිර්මාණය කරන ලද සිය මෘදුකාංග සංවර්ධන මෙවලම් (Developer Portfolio) පුළුල් කරන බව Red Hat සමාගම මැයි 14 වනදා ප්‍රකාශ කළේය. දේශීය පරිගණක පරිසරයක (Local workstation) ක්‍රියාත්මක වන AI ඒජන්තවරුන්, හයිබ්‍රිඩ් වලාකුළු (Hybrid clouds) හරහා මහා පරිමාණ නිෂ්පාදන මට්ටම දක්වා ගෙන යාමට සහාය වීම සඳහා සමාගම විසින් Red Hat Desktop සහ Red Hat Advanced Developer Suite යාවත්කාලීන කර ඇත.
AI ඒජන්තවරුන් සඳහා වෙන්වූ ආරක්ෂිත පරිසරයක් (Isolated sandboxing) Red Hat Desktop වෙත අලුතින් එක් කර ඇත. එමගින් සංවර්ධකයන්ට ස්වාධීන AI ඒජන්තවරුන් (Autonomous agents) පරීක්ෂා කිරීමට අවස්ථාව ලැබෙන අතර, එමගින් මව් මෙහෙයුම් පද්ධතියට (Host OS) සිදුවිය හැකි බලපෑම් වළක්වා ගත හැකිය. Red Hat Advanced Developer Suite සඳහා ‘Trusted Software Factory’, ‘Red Hat Trusted Libraries’ සහ AI මත පදනම් වූ දත්ත අවභාවිතයන් හඳුනා ගැනීමේ තාක්ෂණය (Exploit intelligence) එක් කර තිබේ. මෘදුකාංග සැපයුම් දාමයේ ආරක්ෂාව (Software supply chain security) ශක්තිමත් කිරීම මෙහි මූලික අරමුණයි.
AI මගින් නිර්මාණය කරන ලද කේතයන්හි (AI-generated code) පවතින දුර්වලතා අදාළ මෘදුකාංගයේ ක්‍රියාකාරිත්වයට සැබවින්ම බලපාන්නේද යන්න තීරණය කරමින්, අවදානම් මට්ටම අනුව පිළියම් යෙදීමට මෙම නව විශේෂාංග සංවර්ධකයන්ට සහාය වන බව සමාගම වැඩිදුරටත් පැහැදිලි කළේය.














