2026 අගෝස්තු 20 වන දින පොලිස් නිෂ්කාශන සහතික (Police Clearance Certificates) සඳහා අයදුම්පත් යොමු කළ අයදුම්කරුවන් නැවත මාර්ගගතව (Online) අයදුම් කළ යුතු බව පොලිස් මූලස්ථානය දැනුම් දෙයි.
එදින දත්ත පද්ධතියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් අගෝස්තු 20 වනදා දහවල් 12.50 සිට පද්ධතිය අක්‍රිය වූ අතර, ඒ හේතුවෙන් එදින යොමු කළ අයදුම්පත් පද්ධතියෙන් ඉවත් වී තිබේ. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) මඟින් පද්ධතිය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති අතර, පෙර අයදුම්පත වෙනුවෙන් අය කරගන්නා ලද රුපියල් 5,100ක මුදල අයදුම්කරුගේ බැංකු කාඩ්පතටම නැවත බැර කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව නැවත මාර්ගගතව අයදුම්පත ඉදිරිපත් කිරීමෙන් පසුව අදාළ සහතිකය නිකුත් කිරීමට කටයුතු කරන බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.
















