රුසියානු හමුදා විසින් ඉකුත් සෙනසුරාදා රාත්‍රියේ යුක්රේනයේ මිලිටරි ඉලක්ක වෙත ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව රුසියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. රුසියාවේ සිවිල් ඉලක්ක වෙත කියෙව් පාලනය එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාර දියත් කර ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
මෙම ප්‍රහාර සඳහා රුසියාව විසින් ‘ඔරෙෂ්නික්’ (Oreshnik), ‘ඉස්කැන්ඩර්’ (Iskander), ‘කින්ෂාල්’ (Kinzhal) සහ ‘සර්කොන්’ (Zircon) යන මිසයිල වර්ග හතරක් භාවිතා කර ඇති අතර, ඒවා යුක්රේනයේ මිලිටරි අණදෙන මධ්‍යස්ථාන, ගුවන් කඳවුරු සහ මිලිටරි-කාර්මික සංකීර්ණයට අයත් ස්ථාන ඉලක්ක කර ගනිමින් එල්ල කර ඇත. මෙම ප්‍රහාරවලින් අපේක්ෂිත ඉලක්ක සියල්ල සාර්ථකව විනාශ කළ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි. කෙසේ වෙතත්, මෙම තොරතුරු ස්වාධීනව තහවුරු කර ගැනීමට රොයිටර් පුවත් සේවයට තවමත් හැකිවී නොමැත.














