ස්පාඤ්ඤයේ සැන් ජුවාන් ද ලා පෙනා (San Juan de la Peña) ආරාමය වෙත ලැව්ගින්නක් පැතිරීයාමේ අවදානම හමුවේ, 11 වන සියවසේ අරගොන් (Aragon) ප්‍රදේශය පාලනය කළ රජවරුන් තිදෙනෙකුගේ මළ සිරුරු අවශේෂ සහ ඓතිහාසික වටිනාකම් යුහුසුළුව ඉවත් කර තිබේ. හදිසි අවස්ථා සේවා භටයින් සහ ආරක්ෂක අංශ විසින් මෙම අවශේෂ කිලෝමීටර් 80ක් පමණ දකුණින් පිහිටි හුස්කා (Huesca) පළාත් කෞතුකාගාරය වෙත ආරක්ෂිතව රැගෙන ගොස් ඇත. දරුණු උෂ්ණත්වය සහ තද සුළං හේතුවෙන් ප්‍රදේශයේ ලැව්ගිනි ක්‍රමයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර, මේ වන විට හෙක්ටයාර් 9,000කට අධික ප්‍රදේශයක් විනාශ වී නගර 16කින් ජනතාව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















