රුසියාව හරහා දිවෙන ‘Druzhba’ නල මාර්ගය භාවිත කරමින් කසකස්තානය විසින් ජර්මනිය වෙත සිදු කරනු ලබන බොරතෙල් අපනයනය ලබන මැයි 1 වනදා සිට අත්හිටුවීමට රුසියාව තීරණය කර ඇති බව වාර්තා වේ. රුසියානු බලධාරීන් විසින් මේ පිළිබඳව දැනටමත් කසකස්තානය සහ ජර්මනිය වෙත දැනුම් දී ඇති බව රොයිටර් පුවත් සේවය සඳහන් කරයි.
යුක්‍රේන යුද්ධයේදී ජර්මනිය විසින් යුක්‍රේනයට ලබා දෙන සහයෝගය හේතුවෙන් රුසියාව සහ ජර්මනිය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා දැඩි ලෙස පළුදු වී ඇති පසුබිමක මෙම තීරණය ගෙන තිබේ. කසකස්තානය සිය තෙල් අපනයනය සඳහා රුසියානු නල පද්ධතිය මත දැඩි ලෙස යැපෙන අතර, මෙම තීරණය හේතුවෙන් ජර්මනියේ බලශක්ති අවශ්‍යතාවලට මෙන්ම කසකස්තානයේ ආර්ථිකයට ද දැඩි බලපෑමක් එල්ල වනු ඇතැයි බලශක්ති විශ්ලේෂකයෝ අනතුරු අඟවති.















