ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ආර්ථික සහයෝගීතාවය වර්ධනය කිරීම උදෙසා අවශ්‍ය සහයෝගය ඉදිරියේදී ලබාදීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලිවන් එස්. ඩ්‍රගර්යන්ස් (Levan S. Dzhagaryan) මහතා ප්‍රකාශ කර තිබේ.
රුසියානු තානාපතිවරයා මෙම අදහස් පළ කළේ කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඊයේ (14) හමු වූ අවස්ථාවේදීය.මුදල් අමාත්‍යාංශයේදී පැවැති මෙම සාකච්ඡාවේදී දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කළ හැකි අවස්ථා පිළිබඳව දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගෙන ඇත.මෙම හමුව දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍ර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මනා පිටිවහලක් වන බව රුසියානු තානාපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.














