ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන්ගේ වාට්ටු පරීක්ෂා කිරීමේදී කිසිදු පුද්ගලයෙකුට සන්තක නොවන අයුරින් සඟවා තිබූ ජංගම දුරකථන 25ක් සහ සිම් පත් 11ක් සොයා ගත් බව බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.
කාන්තා සහ පිරිමි රැඳවියන්ගේ වාට්ටු පරීක්ෂා කිරීමේදී මෙම නීතිවිරෝධී උපකරණ සොයාගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඒවා බන්ධනාගාර මූලස්ථානය වෙත භාර දීමට නියමිතය.














