පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට බහාලුම් දෙකකින් නීතිවිරෝධී ලෙස එවන ලද මත්ද්‍රව්‍ය තොගයක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන විමර්ශන ක්‍රියාවලියේ යම් යම් අඩුපාඩු සහ ප්‍රමාදයන් නිරීක්ෂණය වීම හේතුවෙන්, පොලිස්පතිවරයාගේ උපදෙස් මත පොලිස් විශේෂ විමර්ශන ඒකකය (SIU) විසින් විශේෂ අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. අදාළ විමර්ශනය මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඉතා විනිවිදභාවයකින් සහ අපක්ෂපාතීව සිදුකරමින් පවතින බව ශ්‍රී ලංකා පොලිසිය නිකුත් කළ නිවේදනයක දැක්වේ.















