27 April 2024
#දේශීය

පොහොට්ටුවේ රනිල්ට කැමැති පිරිස ලන්සාට එකතු වෙයි

පොදු ජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඉදිරි මැතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට සහාය පල කිරීම සඳහා සුදානමක් ඇති බව වාර්තා වේ.

ඔවුන් පවසන්නේ මේ වන විට පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේකෂයා වශයෙන් ඉදිරිපත් වීමට කිසිවෙකු නොමැති තත්ත්වයක් උදා වී ඇති හෙයින් පවතින තත්ත්වය මත ඉදිරි දේශපාලනය ජිවිතය බේරා ගැනීමටනම් රනිල් සමඟ අත්වැල් බැඳ ගැනීමට සිදුව ඇති බවයි.

ඉදිරි මැතිවරණයෙන් පසුව අමාත්‍ය ධුරයක් පවා හිමි වන්නේ ඡන්දයට ඔහුට පක්ෂව කටයුතු කල අයට වන හෙයින් මේ වන විට නිමල් ලන්සා සමඟ ඒ ගනුදෙනුව සිදු කිරීමට මෙම පිරිස සැලසුම් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් බොහෝ දෙනා මේ වන විට කරකියා ගත නොහැකි තත්ත්වයක් ඇතිව ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මැතිවරණයකට යාමට ඇතිව ඇති බිය නිසාවෙනි. ඒ අනුව නිමල් ලන්සා විසින් ප්‍රමුඛතාවය ගෙන ඇති සන්ධානයට එක්ව කටයුතු කිරීමට මේ වන විට මන්ත්‍රීවරුන් වාචිකව කැමැත්ත ප්‍රකාශ කර ඇති බව දැනගන්නට ඇත.

මේ අතර අලුතින් බිහි කරන සන්ධානයේ නායකත්වය ජ්‍යෙෂ්ඨයෙකුට ලබා දීමට යෝජනා වී ඇති බවත් එය බොහෝ විට අනුර ප්‍රියදර්ශනයට හිමිවන ඇති බව වාර්තා වේ. ඒ ඔහු විසින් මේ දින වල දැඩි ලෙස විවේචනාත්මක ප්‍රකාශ සිදු කරමින් සිටි අතරම ඔහු පිලිබඳ මන්ත්‍රිවරුන්ගේ ප්‍රසාදය හිමි පුද්ගලයා වීම බව දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේ

Leave a comment

Your email address will not be published. Required fields are marked *