සබරගමුව විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරීවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය නිවාඩු යැවීමට එම විශ්වවිද්‍යාලයේ පාලක සභාව තීරණය කර ඇත.
මෙම තීරණය ගැනීමට හේතුව නිල වශයෙන් අනාවරණය කර නොමැති වුවද, එය අභ්‍යන්තර පරිපාලන පරීක්ෂණයකට අදාළව ගත් පියවරක් බව වාර්තා වේ. පරීක්ෂණ අවසන් වන තෙක් එම තනතුරේ වැඩ බැලීම සඳහා වෙනත් නිලධාරියෙකු පත් කිරීමට නියමිතය.
















