හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉලක්ක කරගනිමින් ආණ්ඩුව ගනු ලබන ක්‍රියාමාර්ග දැඩි විවේචනයට ලක් කරමින් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් අදහස් දක්වා තිබේ. එහිදී උන්වහන්සේ අවධාරණය කළේ හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට හෝ සිරගත කිරීමට වත්මන් පාලනය උත්සාහ කළහොත් එය ආණ්ඩුවේ අවසානයේ ආරම්භය වනු ඇති බවයි.
මෙම ආණ්ඩුවට මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව පියවර ගැනීමට තරම් ශක්තියක් නොමැති බව පැවසූ උන්වහන්සේ, පවතින පාලනය “හිපාටු ආණ්ඩුවක්” ලෙස හඳුන්වමින් සිය අප්‍රසාදය පළ කළහ. දේශපාලන පළිගැනීම් නතර කර රටේ සැබෑ ප්‍රශ්න දෙස අවධානය යොමු කරන ලෙස ද සද්ධාතිස්ස හිමියන් මෙහිදී රජයට බලකර සිටියහ.














