වැල්ලවාය සහ ඒ අවට ප්‍රදේශවලට අද (10) රාත්‍රියේ ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් වැල්ලවාය – කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවී තිබේ. විශේෂයෙන් වැල්ලවාය ගංගාරාම විහාරස්ථානය අසල සහ ඇතිලිවැව යන ප්‍රදේශ මෙලෙස ජලයෙන් යටවී ඇති අතර, මේ හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට දැඩි බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ එම මාර්ගය භාවිත කරන රියදුරන්ට දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස බලධාරීන් දැනුම් දෙයි.














