ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පවසන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් කොමිසමට කැඳවීම පිළිබඳව පුරවැසියන් ලෙස ලැජ්ජාවක් සහ කණගාටුවක් ඇති වන බවයි. අද (11) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.
යුද්ධය අවසන් කර රට සංවර්ධනය කිරීමට විශාල කාර්යභාරයක් ඉටු කළ නායකයෙකු මෙලෙස කැඳවීම අනුමත කළ නොහැකි වුවත්, මහින්ද රාජපක්ෂ මහතාට කිසිවක් සැඟවීමට නොමැති බැවින් ඕනෑම ස්ථානයකට පැමිණීමට ඔහු සූදානම් බව කාරියවසම් මහතා අවධාරණය කළේය.
මහින්ද රාජපක්ෂ මහතාගේ මුදල් උගන්ඩාවේ හෝ ඩුබායිහි ඇති බවට රජයේ පාර්ශවයන් මීට පෙර චෝදනා කළද, දැන් එවැනි මුදල් නොමැති බව ඔවුන්ම පිළිගනිමින් සිටින බවද ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.














