බණ්ඩාරවෙල ප්‍රදේශයට අද (11) පස්වරුවේ ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් බණ්ඩාරවෙල නගරයේ ධර්මවිජය මාවත සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී තිබේ. වර්ෂාවත් සමඟ ප්‍රදේශයේ කානු පද්ධති සහ බෝක්කු අවහිර වීම නිසා විශාල ජල කඳක් මාර්ගයට ගලා ඒම මෙම තත්ත්වයට හේතු වී ඇත.
ජල ගැලීම හේතුවෙන් ධර්මවිජය මාවතේ නවතා තිබූ රථවාහන මෙන්ම වෙළඳසැල් රැසක් ද ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් නගරයේ ව්‍යාපාරික ප්‍රජාව, පාසල් සිසුන් සහ සාමාන්‍ය ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති. වර්ෂා කාලයේදී නගරයේ කානු පද්ධති නිසි ලෙස නඩත්තු නොකිරීම මෙම හදිසි ජල ගැලීමට ප්‍රධාන හේතුවක් බවට ප්‍රදේශවාසීන් චෝදනා කරති.














