මුහුදුබඩ මාර්ගයේ වාද්දූව ප්‍රදේශයේදී ‘සාගරිකා’ සීඝ්‍රගාමී දුම්රිය පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ. කෙසේ වුවද, කාර්යාල සේවා සඳහා භාවිත කරන දුම්රියන් අවලංගු නොකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. ඒ අනුව පීලි පැනීම සිදු වූ ස්ථානය දක්වා දුම්රිය ධාවනය කර, මගීන් එම ස්ථානයෙන් බස්සවා ඉන් ඔබ්බට වෙනත් දුම්රියක් මඟින් ගමනාන්තය දක්වා රැගෙන යාමට පියවර ගෙන තිබේ.
මෙම අනපේක්ෂිත සිදුවීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය යම් ප්‍රමාදයකට ලක්විය හැකි බව දෙපාර්තමේන්තුව දන්වා සිටියි. කෙසේ නමුත් දුර ගමන් සේවා සහ අනෙකුත් දුම්රියන් ධාවනය කරන ආකාරය පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති අතර, මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් ක්‍රියාත්මක වෙමින් පවතී.

















