27 April 2024
#දේශීය

සයින්දමරදු නගර සභාව තාවකාලිකව අත්හිටුවයි

සයින්දමරුදු ප්‍රදේශය වෙනමම නගර සභාවක් බවට පත්කිරීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ගත් තීරණය තාවකාලිකව නතර කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතියේ ලැබී ඇත.

ඒ බව අද (20) පැවති කැබිනට් තීන්දු දැනුම්දීමේ මාධ්‍ය හමුවෙදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශයන්හිද ඒ ආකාරයෙන් සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳව සළකා බලා සමස්ත ශ්‍රී ලංකාවේම එක් අවස්ථාවක වෙනස්කම් කිරිමට කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට ලක්වූ බවත් අමාත්‍යවරයා පැවසීය.

2018 වසරේදී එවකට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා  ඉදරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් මේ ආකාරයෙන් ඉදිරියට ගොස් ඇති බවත් අමාත්‍යවරයා එහිදී සිහිපත් කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *