27 April 2024
#දේශීය

සජිත් ගුණයක් නැති කෙනෙක් .. එක ගලයි මං ගහන්නේ ඔය විදුරු ගෙට – රාජ්‍ය ඇමැති ඩයනා

විපක්ෂය නායක සජිත් ප්‍රේමදාස මහතා දේශපාලනයට පිවිසියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හරහා බවත් සජිත් කිසිම කෙලෙහිගුණයක් නොමැති කෙනෙක් බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි.

ඇය මේ බව පැවසුවේ අද (02) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයට එක්වෙමිනි. එහිදී ඇය පැවසුවේ පසුගිය කාලයෙදීම පාර්ලිමේන්තුව තුල බණ භාවනා ඇසු බවත් අනුන්ට බණ නොකියා එය විපක්ෂනායකවරයාම පිලිපැද්දානම් වඩාත් සුදුසු බවයි.

එසේම තමාගේ පක්ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් මේ වන විට සජිත් ප්‍රේමදාස මහතා නීතිඥවරුන් හරහා නීතිමය කටයුතු කරන බව තමාට දැනගන්නට ඇති බවයි.

විපක්ෂනායකවරයා සිටින්නේ විදුරු ගෙදරක බවත් තමාගේ එක ගල් පහරකින් විදුරු ගේ නැති කිරීමට හැකියාව ඇති බව ඩයනා ගමගේ මහත්මිය වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *