• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සජිත් මංගල ගමනක් අරඹයි

20 May 2019
in දේශීය

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කල යුතු බවත් ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයේදී එජාපයේ නායකත්වය වෙනස් විය යුතු බවට එම පක්ෂයේ ප්‍රබලයින් පවසයි. එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටින්නේ මේ වන විට එජාපයේ දෙවන නායකයා වශයෙන් පිළිගෙන තිබෙන සජිත් ප්‍රේමදාස ඉදිරි මැතිවරණයේදී කැපී පෙනෙන චරිතයක් වනු ඇති බවයි.

ඒ සඳහා මේ වන විට එජාපයේ ප්‍රබලයින් කිහිපදෙනෙකු රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් ඉදිරියේදී ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ යුතු බවත් ඒ සඳහා සුදුසුම පුද්ගලයා වන්නේ ද සජිත් ප්‍රේමදාස බව ඇමැතිවරු කිහිප දෙනෙකුම පවසා තිබේ.

සජිත්ගේ ඉදිරි ගමන එජාප නායකත්වය නමුත් මේ වන විට එජාපයේ ප්‍රබලයින් කිහිප දෙනෙකු විසින් සජිත් වෙත පවසා ඇත්තේ ඉදිරියේදී වෙනම ගමනක් යායායුතු බවයි. තවදුරටත් රනිල් සමඟ සිටියහොත් එජාපය වලපල්ලට යාම වලක්වා ගත නොහැකි බව ඔවුන් දිගින් දිගටම සජිත් වෙත පවසා තිබේ. කෙසේ වෙතත් රණසිංහ ප්‍රේමදාසයන්ගේ පුතා වශයෙන් මෙම අවස්ථාවේදී පක්ෂයේ මෙන්ම පාක්ෂිකයින්ගේ අවශ්‍යතාවය වටහා ගත යුතු බව සජිත් වෙත ඇතැම් ප්‍රබල ඇමැතිවරුන් විසින් පවසා තිබේ. එම ඇමැතිවරුන් කියා සිටින්නේ එජාපයේ පසු පෙළ පිරිස් පවා සජිත් සමඟ එක්විමට සුදානමින් සිටින බවයි.

ඒ අනුව මේ වන විට සජිත් ප්‍රේමදාස විසින් ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්විමට කටයුතු කරන බව ඔහුගේ සමීපතයෙකු අප වෙත කියා සිටියේය. ඔහු පවසා සිටින්නේ යම් හෙයින් මෙම අවස්ථාව මඟ හැරුණහොත් ඉදිරියේදී කිසිදු අවස්ථාවක් නැවත සජිත්ට නොලැබෙනු ඇති බවයි. ඒ නිසා මෙම අවස්ථාව සජිත් අතහරිනු නැති බව ඔහු පවසා සිටියේය.

සජිත්ගේ මෙම වැඩපිළිවෙල සම්බන්ධයෙන් එජාපයේ නායක රනිල් වික්‍රමසිංහ හට තොරුතුරු දැනගැනීමට හැකිවීමත් සමග ඔහු විසින් එම ක්‍රියාවලිය අඩාල කිරීමට මේ වන විට සැලසුම් කර ඇති බව වාර්තා වේ. ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරකයින් සමඟ රනිල් සාකච්ඡා කටයුතු ආරම්භ කර ඇති බවත් ඒ සඳහා ධම්මික පෙරේරා, කිෂු ගෝමස් වැනි අය ද සහභාගී වී ඇති බව වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂයේ නැවතත් පොදු අපේක්ෂයෙකු ඉදිරිපත් කරන්නේ ද යන්න පිළිබඳ එජාප නායකයා මේ වන විට සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ.

නමුත් එජාපයේ බොහෝ පිරිස් පවසා සිටින්නේ එජාපයේ අපේක්ෂයෙකු ඉදිරිපත් කළ යුතු බවයි. එසේනම් මේ අවස්ථාවේදී බාධක මැදදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට එජාප නියෝජ්‍ය නායක සජිත්ගේ මංගල ගමන සාර්ථක වේයිද?

Post Views: 10
Previous Post

ජනපති නිල කාලය දිගු කිරීමට විරෝධය

Next Post

මේ ජනවරම ඉවර වෙනකන් ඉන්නවා – ජනපතිවරණයට නොවැම්බර් බව ඇමැති පාඨලි කියයි

editor

editor

Next Post

මේ ජනවරම ඉවර වෙනකන් ඉන්නවා - ජනපතිවරණයට නොවැම්බර් බව ඇමැති පාඨලි කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved