ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථික ප්‍රතිසාධනය සහ දේශගුණික විපර්යාසවලට පූර්ව සූදානම් වූ ඒකාබද්ධ ජාතික ඔරොත්තුදීමේ රාමුවක් රටට අත්‍යවශ්‍ය වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-අන්ද්‍රේ ෆ්‍රාන්ෂේ (Mark-Andrè Franche) මහතා සමඟ අද (සැප්තැම්බර් 06) පැවති විශේෂ හමුවකදී විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය. ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, ව්‍යවස්ථාමය ආයතන, ආර්ථික ප්‍රතිසාධනය, දේශගුණික විපර්යාසවලට පූර්ව සූදානම සහ සමාජ ආරක්ෂණය එකිනෙකින් වෙන් වූ ක්ෂේත්‍ර ලෙස නොසලකා ඒකාබද්ධ වූ ජාතික ඔරොත්තු දීමේ ප්‍රවේශයක් ශ්‍රී ලංකාව විසින් අනුගමනය කළ යුතු බව ඔහු මෙහිදී අවධාරණය කළේය. එසේම, ප්‍රජාතන්ත්‍රවාදය යනු මැතිවරණවලට පමණක් සීමා නොවී, නීතියේ ආධිපත්‍යය, බලතල බෙදීම, ස්වාධීන ආයතන, පාර්ලිමේන්තු වගවීම සහ මූලික අයිතිවාසිකම් මත තවදුරටත් ශක්තිමත් විය යුතු බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.














