කිරිබත්ගොඩ සතිපොළ භූමියේ පිහිටි අතහැර දමා තිබූ වෙළෙඳ කුටියක සඟවා තිබූ LMG (මැෂින් තුවක්කු) ජීව උණ්ඩ 30ක් සහ රිවෝල්වර ජීව උණ්ඩ 5ක් සොයා ගැනීමට කිරිබත්ගොඩ පොලිසිය සමත්ව තිබේ.
කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ලැබුණු විශේෂ බුද්ධි තොරතුරකට අනුව වහා ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් විසින් අදාළ සතිපොළ පරිශ්‍රයේ සිදුකළ හදිසි සෙවුම් මෙහෙයුමකදී මෙම ජීව උණ්ඩ තොගය අදාළ කුටිය තුළ තිබී සොයාගෙන ඇත. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.













