ශ්‍රී ලංකා රුපියල මේ වන විට දැඩි පීඩනයකට ලක්ව ඇති බවත්, එය විසඳීම සඳහා වත්මන් රජයට කිසිදු පැහැදිලි සැලැස්මක් හෝ නිසි පිළිතුරක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඔහු සිය ‘X’ (ට්විටර්) සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් වැඩිදුරටත් සඳහන් කරන්නේ, රටේ පවතින මෙම බරපතළ මූල්‍ය අර්බුදකාරී තත්ත්වය පිළිබඳව වහාම හදිසි පාර්ලිමේන්තු විවාදයක් පවත්වන ලෙස ඉල්ලා සිටීම සඳහා තමන් සහ අනෙකුත් විපක්ෂයේ පක්ෂ නායකයින් කථානායකවරයා හමුවී සාකච්ඡා කළ බවයි.ජනතාව වෙනුවෙන් රජය අවංකව කටයුතු කළ යුතු බවත්, පවතින ආර්ථික තත්ත්වය තවදුරටත් නරක අතට හැරීමට පෙර වහාම ක්‍රියාත්මක වන පරිදි නිසි පියවර ගත යුතු බවත් විපක්ෂ නායකවරයා සිය සටහන මඟින් දැඩිව අවධාරණය කර තිබේ.















