විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමට රජය ගෙන යන උත්සාහය දැඩි ලෙස හෙළා දකින බවත්, එම අත්තනෝමතික ක්‍රියාමාර්ගය පරාජය කිරීමට සිය පක්ෂය ප්‍රමුඛ විපක්ෂය සියලුම ආකාරයෙන් කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදී අගයන් සුරැකීම වෙනුවෙන් මෙම යෝජනාවට එරෙහිව පෙනී සිටින බවත්, රජයේ මෙම තීරණය අධිකරණ ක්ෂේත්‍රයට සහ රටේ අනාගත යහපැවැත්මට අහිතකර ලෙස බලපානු ඇති බවත් ඒ මහතා අවධාරණය කළේය.















