අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටින සැකකරුවෙකුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වූ තොරතුරු මත, මීටියාගොඩ ප්‍රදේශයේ සඟවා තිබූ විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝල අවියක් සහ පතරොම් තොගයක් සොයා ගත් බව පොලිසිය පවසයි.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මෙම සැකකරුව පසුගිය 19 වන දින අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඔහු මේ වන විට රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන සිදු කරමින් පවතී.
සැකකරුගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරුවලට අනුව, ඊයේ (22) මීටියාගොඩ ප්‍රදේශයේ සිදු කළ සෝදිසියකදී මෙම විදේශීය පිස්තෝල අවිය සහ ඊට භාවිත කරන මිලිමීටර් 09 වර්ගයේ පතරොම් 05ක් සොයා ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකි විය.
සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.
















