බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට එරෙහි අධිකරණ තීන්දුවෙන් පසු ඔහු අතහැර දමන්නේ නැති බව විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබේ.අධිකරණයේ තීන්දුවට ගරු කරන බව පවසමින් විපක්ෂ නායකවරයා සඳහන් කර ඇත්තේ අභියාචනා ක්‍රියාවලිය හරහා විජේසිරිට යුක්තිය ඉටු වනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි. බදුල්ල දිස්ත්‍රික්කයට මෙන්ම රටටම මහත් ශක්තියක් වූ චමින්ද විජේසිරිට එරෙහිව බදුල්ල මහාධිකරණය විසින් 2019 වසරේ සිදුවීමකට අදාළව වැරදිකරු කරමින් අද දින වසර එකരමයක සිරදඬුවමක් නියම කිරීමෙන් අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.














