ඕස්ටේ්‍රලියාවේ ක්වීන්ස්ලන්ත බෞද්ධ විහාරාධිපති, අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ උපප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත සිටිනාමළුවේ සුගතසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මාතෘ මූල්‍යෝත්තමාවිය වූ, බෙලිඅත්ත සිටිනාමළුවේ මොරවගවත්ත පදිංචිව සිටි ඩබ්ලිව්.ඒ. ජිලිනෝනා උපාසිකා මාතාව අභාවප්‍රාප්ත වී ඇත. දූ-දරුවන් සත් දෙනෙකුගේ ආදරණීය මෑණියන් වූ එතුමෝ ප්‍රදේශවාසීන්ගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ ආදර්ශවත් සමාජ සේවිකාවක මෙන්ම ප්‍රදේශයේ විහාරස්ථාන කිහිපයකම කුලුපග දායිකාවක ලෙසද කටයුතු කළ උපාසිකාවකි. උන්වහන්සේගේ මෑණියන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (28) පස්වරු 3.30 ට සිටිනාමළුව මොරවගවත්ත ප්‍රදේශයේදී සිදු කිරීමට නියමිතව ඇත.














