අන්තරායට මුහුණ දී සිටින ශ්‍රී ලංකා දිවියා (Panthera pardus kotiya) ආරක්ෂා කර ගැනීමේ ජාතික ප්‍රයත්නය ශක්තිමත් කිරීමේ අරමුණින්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ‘ශ්‍රී ලංකා දිවියාගේ දිනය 2026′ (Sri Lankan Leopard Day 2026) අද (01) කොළඹදී පැවැත්වීමට නියමිතය.
කොළඹ 7, අංක 30, සර් මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි පරිශ්‍රයේදී පස්වරු 2.00 සිට 5.00 දක්වා මෙම උත්සවය පැවැත්වෙන අතර, ඒ සඳහා සංරක්ෂණවේදීන්, පර්යේෂකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන්, රජයේ ආයතන, සිවිල් සංවිධාන සහ තරුණ නියෝජිතයන් සහභාගී වීමට නියමිතය. ශ්‍රී ලංකාවට ආවේණික වූ මෙම අපූර්ව සත්ත්ව විශේෂයේ දිගුකාලීන පැවැත්ම තහවුරු කිරීම සඳහා විද්‍යාත්මක පර්යේෂණ සහ සංරක්ෂණ ක්‍රමෝපායන් පිළිබඳව මෙහිදී විශේෂයෙන් සාකච්ඡා කෙරෙනු ඇත.














