ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (IMF) අවශ්‍ය පරිදි ගිවිසුම් පවත්වාගෙන යමින් ජනතාව තවදුරටත් පීඩාවට පත්කිරීම වෙනුවට ජනතාවට සහන ලබාදීමට වත්මන් ආණ්ඩුව කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අද (05) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
IMF ප්‍රධානීන් සහ නියෝජිතයන් ජනාධිපතිවරයා හමුවී ක්‍රමවේදය හෙවත් පිරිවැය ප්‍රතිපූර්ණය කර ගණනය කරන ක්‍රමවේදයට රටේ ඉන්ධන මිල ඉහළ යා යුතු බවට යෝජනා කර ඇති බව විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය. එලෙසම, මෙම රජය ජනතාවට පීඩාකාරී IMF ගිවිසුම වෙනස් කරන බව පවසමින් බලයට පැමිණියද, එම පොරොන්දු ඉටු කිරීමට කටයුතු නොකිරීම නිසා වර්තමාන රජයට මෙම IMF ගිවිසුම පාරාවළල්ලක් වී ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.














