සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන් සඳහා සහ ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව සොයා බැලීම වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිරත වූ සංචාරය අතරතුර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි මහා සෑ රදුන් වන්දනාමාන කර තිබේ.
එහිදී රුවන්වැලි මහා සෑයේ විහාරාධිපති (සහ වැඩබලන අටමස්ථානාධිපති) පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක නායක හිමියන් ඇතුළු මහා සංඝරත්නය හමුවූ විපක්ෂ නායකවරයා උන්වහන්සේලා වෙතින් ආශිර්වාද ලබා ගැනීමට කටයුතු කළේය. එම අවස්ථාවට එක්ව සිටි මහා සංඝරත්නය විසින් විපක්ෂ නායකවරයාගේ ඉදිරි දේශපාලන හා මහජන සේවා කටයුතු සාර්ථක කර ගැනීම සඳහා සෙත් පිරිත් සජ්ඣායනා කර ආශිර්වාද සහ අනුශාසනා පිරිනමන ලදී.
















