කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ගාල්ල, මාතර ඇතුළු දකුණු පළාතේ ප්‍රධාන නගර වෙත ගමන් කිරීමට පැමිණි මගීන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් එම පරිශ්‍රය තුළ දැඩි තදබදයක් හටගෙන තිබේ.
ගාල්ල සහ මාතර බලා ධාවනය වන අධිවේගී බස් රථ ලබා ගැනීම සඳහා පැමිණි මගීන්ගේ පෝලිම් බස් නැවතුම්පොළ පරිශ්‍රයෙන් පිටතට, කිලෝමීටරයකටත් වඩා වැඩි දුරකට ඇදී ගොස් ඇති බව වාර්තා වේ. නිවාඩු දින එළඹීමත් සමඟ ගම්බිම් බලා යන ජනතාව සහ වෙනත් ගමන් අවශ්‍යතා සඳහා පැමිණි පිරිස් වැඩිවීම මෙම අධික මගී තදබදයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.
















